අප ගැන

1938 මාර්තු මස 30 දින බේරේ වැව අසල කුඩා ස්ථානයක සාමාජිකයින් කිහිපදෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩායමකින් කුඩාවට ආරම්භ කළ ආයතනයකි. අප සමිතිය “බෝට් හවුස්” යන අනුවර්ත නාමයෙන් කා අතරත් ප්‍රචලිතව ඇත. සීමාසහිත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සමුපකාර සකසුරුවම්කම සහ ණය ගණුදෙනු පිළිබඳ සමිතිය ආයතනික හා සමුපකාරයක් ලෙස ක්‍රියාත්මක වන අතර, දිවයින පුරා පිහිටි සියලු රෝහල් හා සෞඛ්‍ය ආයතනයන්හි සේවය කරනු ලබන වෛද්‍යවරුන්ගේ සිට විවිධ ශ්‍රේණියන්හි කාර්ය මණ්ඩලවල මහත්ම මහත්මීන්ගේ සාමාජිකත්වයෙන් සැදුම්ලත් ආයතනයක් වේ. වර්තමානය වන විට හැට දහසක් ඉක්ම වූ ක්‍රියාකාරී සාමාජිකත්වයකින් සැදුම්ලත් අප සමිතිය ආයතනික සමිති අතර දිවයිනේ ප්‍රමුඛතම ස්ථානයක් හිමිකරගත් ආයතනයකි. අප සමිතියේ ප්‍රධාන අරමුණ වන සාමාජිකත්වය හට සහනදායී පොලී අනුපාත යටතේ ණය ලබාදීම, විවිධ වු සුභසාධන පහසුකම් සපයමින් සාමාජික ජීවන තත්වය ඉහළ නැංවීම හා සකසුරුවම්කම පුරුදු කිරීම පෙරදැරි කොට ගෙන ක්‍රියාත්මක වන ආයතනයකි. වර්තමානය වන විට සහනදායී පොලි ප්‍රතිශතයක් යටතේ විවිධ ණය යෝජනා ක්‍රම මඟින් සහ සුභ සාධන යෝජනා ක්‍රම රැසක් මගින් සාමාජිකත්වයහට ගුණාත්මක හා කාර්යක්‍ෂම සේවාවක් සපයනු ලබයි. මේ වන විට ක්‍රියාත්මක සුභසාධන යෝජනා ක්‍රම අතරින් අවමංගල්‍යාධාර, අන්‍යෝන්‍යාධාර, විශ්‍රාමාධාර, ශිෂ්‍යාධාර... ආදී සුභ සාධන යෝජනා ක්‍රම සාමාජිකත්වය අතර ඉතා ජනප්‍රියත්වයක් ලඟා කර ගෙන ඇත. මේ අතරින් “දිරියදරු ප්‍රණාම” ශිෂ්‍යත්වාධාර යෝජනා ක්‍රමය, “සිසු දිරිය” පොත් ණය ව්‍යාපෘතිය සමස්ථ සාමාජිකත්වය අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇත.

තවද මේ වන විටත් සුභ සාධන යෝජනා ක්‍රම යටතේ කතරගම, ඵුස්සදේව මාවතේ අංක 222/22 දරන ස්ථානයේ සුවසෙවන නිවාඩු නිකේතනය වසර 15ක පමණ කාලයක සිට අප විසින් පවත්වා ගෙන යනු ලබයි. මෙම ව්‍යාපෘතිය සාමාජිකත්වයේ හා පොදු ජනතාවගේ සුභසාධනය පිණිස බෙහෙවින් නිස්කලංක වුත්, පහසුකම් වලින් යුත් වායුසමනය කළ හා නොකළ සුව පහසු කාමර වලින් සමන්විත ස්ථානයක පිහිටා ඇත. සුවසෙවන නිවාඩු නිකේතනය සාධාරණ මිල ගණන් යටතේ නේවාසික පහසුකම් සපයනු ලබන කතරගම ප්‍රදේශයේ ඇති සාමාජිකත්වය හා එහි පැමිණෙන සියලුම නේවාසිකයන්ගේ හද ඇද බැඳ තබාගත් ස්ථානයක් ද වේ.

තවද සසෙත් මුද්‍රණාලය අප සමිතිය විසින් ආරම්භ කරන ලද තවත් ව්‍යාපෘතියකි. ශ්‍රී ලංකා ජාතික සමුපකාර මණ්ඩලය සතුව තිබු කොළඹ ග්‍රෑන්ඩ්පාස් නැකොසිල් නමින් පැවැති මුද්‍රණාලය අප සමිතිය මගින් මිලදී ගන්නා ලදී. සියලුම ආකාරයේ මුද්‍රණ කාර්යයන් සපුරාලිය හැකි ආකාරයට “සසෙත්” මුද්‍රණාලය නමින් එය ප්‍රතිසංවිධානය කොට පවත්වා ගෙන යනු ලැබේ. අප මුද්‍රණ අංශය ගණුදෙනුකාරභවතුන් කෙරෙහි බෙහෙවින් කාර්යක්‍ෂම වූත්, ගුණාත්මක වූත්, සේවාවන් සැපයීම මගින් මුද්‍රණ වෙළඳපොල තුල තරඟකාරී ආයතනයක් ලෙස තව දුරටත් ව්‍යාප්ත වීම හා ස්ථාපිත වීම අපගේ අරමුණයි.

අපගේ දැක්ම

සියළුම සාමාජිකත්වය බලාපොරොත්තු වන්නාවූ අරමුණු හඳුනා ගනිමින්, ඔවුන්ගේ අපේක්‍ෂාවන් නිවැරදිවත්, කාර්යක්‍ෂමවත් විනිවිද භාවයකින් යුතුව ඉටු කිරීම සඳහා එක්සත්ව සාමුහිකව කටයුතු කරමින් රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි ප්‍රමුඛතම ආයතනය වීම.

අපගේ මෙහෙවර

සාමාජික අවශ්‍යතා අනුව සියළුම ගණුදෙනු, ව්‍යාපාර, සුභසාධන හා සමාජ මෙහෙවරයන්, සාමාජිකත්වයටත් ඔවුන්ගේ යපෙන්නන්ටත් සමස්ථ ජනතාවටත් ප්‍රශස්ථ ලෙස ලබා දීම.

අධ්‍යක්ෂක මණ්ඩලය


Mr. T.G. Bandula Jayakody

President

Mr. W.A.D. Wimalaratne

Secretary
...
අනෙකුත් අධ්‍යක්ෂක මණ්ඩලය - තව බලන්න

සාමාජිකයින්

ව්‍යාපෘති

කාර්ය මණ්ඩලය

විධායක නිලධාරීන්

සේවා

තැන්පත්

සකසුරුවම්කම සඳහා පෙළඹවීම වෙනුවෙන් තැන්පත් කිරීමට දිරිමත් කිරීම.

ළමා ඉතුරුම්

සුව සෙනෙහස ළමා ඉතුරුම් ගිණුම් ක්‍රමය.

සාමාජික ආර්ථික තත්වයන් ඉහල නැංවීම

ණය ව්‍යාපෘති මඟින් සාමාජික ආර්ථික තත්වයන් ඉහල නැංවීමට සහය ලබාදීම.

සහන පොළී අනුපාතයක්

ඒ සඳහා සහන පොළී අනුපාතයක් අඛණ්ඩව එදා සිටම පවත්වා ගැනීම.

අන්‍යෝන්‍යාධාර යෝජනා ක්‍රමය

අන්‍යෝන්‍යාධාර යෝජනා ක්‍රමය යටතේ සාමාජික අභිවෘද්ධිය වෙනුවෙන් සාමාජිකත්වයේ ආර්ථික සුරක්ෂිතතාව සඳහා සාමාජිකත්වය විශ්‍රාම යාමේදී දායකත්වය මත ප්‍රතිලාභ ලබා දීම.

විශ්‍රාමාධාර ප්‍රදානය

විශ්‍රාමාධාර ප්‍රදානය මඟින් සාමාජිකයින් සේවයෙන් විශ්‍රාම යාමේදී සාමාජික අභිවෘද්ධිය වෙනුවෙන් හා සාමාජිකත්වයේ ආර්ථික රැකවරණය සඳහා විශ්‍රාම ප්‍රදානයක් ලබා දීම.

අවමංගල්‍යාධාර ප්‍රදානය

අවමංගල්‍යාධාර ප්‍රදානය මඟින් සාමාජිකත්වට හා යැපෙන්නන්ගේ වියෝවන් වෙනුවෙන් ප්‍රදාන ලබා දීම.

දිරියදරු ප්‍රණාම ශිෂ්‍යත්ව

දිරියදරු ප්‍රණාම ශිෂ්‍යත්ව වැඩසටහන මඟින් පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් හා අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිට සරසවි වරම් ලද දු දරවන් සඳහා ප්‍රදාන මුදලක්, කුසලානයක් සහ සහතිකයක් පිරිනැමීම හා ජාතික වශයෙන් උත්සවයක් සංවිධානය කර දරුවන් එමඟින් ඇගයිම.

දිරියදරු සිත්තම් තරඟාවලිය

දිරියදරු සිත්තම් තරඟාවලිය මඟින් සාමාජික දූ දරුවන්ගේ කලා හැකියාවන් ඔප්නැංවීම තුලින් තරඟාවලියක් පැවැත්වීම හා ඒ ජයග්‍රාහී චිත්‍ර ඇතුලත් දින දර්ශනක් මුද්‍රණය වීම.

සිසු දිරිය පොත් ණය ව්‍යාපෘතිය

සිසු දිරිය පොත් ණය ව්‍යාපෘතිය මඟින් සාමාජිකයන් සඳහා වට්ටම් සහිතව ගෙවීමේ ක්‍රමයට වාර්ෂිකව දූ දරුවන් සඳහා පාසල් පොත් සහ උපකරණ, පාසල් බෑග් සහ DSI වවුචර් පත් ලබා ගැනීමට අවස්ථාවක් ලබා දීම.

සුවසෙවන නිවාඩු නිකේතනය

සුවසෙවන නිවාඩු නිකේතනය මඟින් සාමාජිකයන් සහ බාහිර නේවාසිකයන් සඳහා කතරගම නවාතැන් පහසුකම් ලබා ගැනීමට අවස්ථාවන් හිමි වීම.

සසෙත් මුද්‍රණාලය

සසෙත් මුද්‍රණාලය මඟින් කාර්යක්ෂම හා ඉක්මන් මුද්‍රණ කටයුතු ලබා ගැනීමට අවස්ථාවන් සලසා දීම.

රක්ෂණ සේවා

සමුපකාර රක්ෂණ සමාගම හා අත්වැල් බැඳ සමස්ථ සාමාජිකත්වයටම හා බාහිර පාර්ශවයන්ට රක්ෂණ සේවා කටයුතු සඳහා පහසුකම් සලසා දීම.

අප අමතන්න

ලිපිනය

සී/ස සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සමූපකාර සකසුරුවම්කම සහ ණය ගණුදෙනු පිළිබඳ සමිතිය
37/36, පන්සල පාර,
කොළඹ 10,
ශ්‍රී ලංකාව.

විද්‍යුත් තැපෑල/ ෆැක්ස්

විද්‍යුත් තැපෑල: info@hdts.lk


ෆැක්ස්: +94 11 2678163,
+94 11 2662292

දුරකථන

+94 11 2676088,
+94 11 2676099,
+94 11 2685016,
+94 11 2662870